අප පිළිබඳ​

ඔබගේ ගමන් අත්දැකීම් හැකි තරම් සරල හා විශ්වාසදායක කිරීමට අපි සැබවින්ම කැපවී සිටිමු!

බුදුපියාණන් වහන්සේ පිරිණිවන් පෑමට දින කීපයකට පෙර සැදැහැවත් බෙෳද්ධයකු විසින් දැකිය යුතු, වැදිය යුතු, පිදිය යුතු ස්ථාන හතර දක්වමින් පරිණිර්වාණ සූත්‍රය දේශණා කර ආකාරය සිහිකරමින් මම මාගේ වයස හැට ඉක්මවන තුරු සිටියෙමි. ඒ ස්ථාන 4 දැක ගැනීමේ පින මට වූයේ මා මහලු වියට එළඹුණ පසුය​.තුන්වරක්ම මම දඹදිව ගොස් බුදුරජාණන් වහන්සේ නම් කල ඒ ස්ථාන දැක්කෙමි, වැන් දෙමි , පිදුවෙමි. මම බුද්ධාලම්මන ප්‍රීතියෙන් යුතුවම එම දින 12 ම ගත කළෙමි. ඒ නිසාම මට බුදුන් සමග ගිය ගමනක් නමැති පොත ලිවීමටද හැකි විය​.

ඇත්තටම මට බුද්ධාලම්මන ප්‍රීතියෙන් තොරව අනෙක් දෙයක් ගැන සිතීමට ඒ දින 12 තුල නොහැකි විය​. ඒ ප්‍රීතිය තුල මා රදවා තැබීමට මා දඹදිවට කැදවා ගෙන ගිය නුගේගොඩ ලෝටස් සංචාරකයන්ට හැකි වීම නිසාය​. ඒ නවාතැන් ගැන​, ආහාර ගැන, ගමන් බිමන් ගැන , කිසිදු ගැටලුවක් මතු නොවන සේ ඒ වන්දනා ගමන සංවිධානය කර තිබීම නිසාය​. මට ඒ දින 12 ම බුදුන් සමග සිටීමට හැකි වූයේ මට ඒ සතුට ලබා දුන් ඒ පින් ඒ අයුරින්ම උදා කර දුන් ලෝටස් සංචාරකයන්ට අදත් පින් දෙමි.

දෙනගම සිරිවර්ධන​
ලේක් හවුස් ආයතනයේ සිංහල ප්‍රකාශණ උපදේශක​

අප ගැන වැඩි විස්තර දැනගන්න

අපේ දැක්ම

වන්දනාවයි සුවපහසුවයි විශවාසයයි.

බෞද්ධයෙකුගේ දිවිගමනේ ඇති උත්තරිතරම පැතුමක් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශය ලද දඹදිව වැද පුදා ගැනීම සඳහා ජීවිත කාලය පුරා දුක්මහන්සියෙන් උපයා ගත් මුදලින් පෙරුම්පුරා යැමට සුදානම් වන ගමනට අංගසම්පූර්ණ අත්වැලක් වීම.

වන්දනාව අතරතුරදී 7 දෙනෙකුගෙන් යුත් ලෝටස් කාර්ය මණ්ඩලය නිරතුරුවම ඔබ වෙනුවෙන් සේවයේ යෙදේ.

අපගේ මූලික වටිනාකම්

සංචාරය

අප ආයතනය කිසිවිටකත් දකුණු ඉන්දියාවේ චෙන්නයි හරහා ගමන් සිදු නොකරයි. චෙන්නයි සිට කි.මි.3000 පමණ ඈතින් ඇති බුද්ධගයාව​/දිල්ලි ඍජු ගුවන් ගමනක් ගොස් ඉන්දියාවේ උත්තර ප්‍රදේශය ආශ්‍රිතව වන්දනා සංවිධානය කරයි.

එබැවින් අප සමග යන වන්දනාකරුවන්ට ආරක්‍ෂාව හා වගකීම ඉහළම අයුරින් සැලසෙනු ඇත​.


යෝජනා

තෙරුවන් සරණ ගිය සැදැහැවතුන්ට බුදුරජාණන් වහන්සේ වදාල අයුරින්ම බුදුරජුන් ලොව පහල වූයේ මෙතැනයි සම්බුද්ධත්වයට පත්වූයේ මෙතැනයි නිර්මල දහම ලොවට හෙලිකලේ මෙතැනයි පිරිනිවන්පා වදාලේ මෙතැනයි කියා උන් වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරමින් පහන්සිත් යටතේ කෙටි දින ගණනකින් දුම්රියේ ගමන් නොමැතිව සුවපහසුවයි විශ්වාසයයි සමගින් වන්දනා කරන්න ලෝටස් සංචාරකයෝ සමගින් එක්වන්න​.


මාර්ගෝපදේශය

7 දෙනෙකුගෙන් යුත් ලෝටස් කාර්ය මණ්ඩලය නිරතුරුවම ඔබ වෙනුවෙන් සේවයේ යෙදේ.

කළමනාකරණ කණ්ඩායම

nameප්‍රධාන විධායක

nameඅධ්‍යක්ෂක

nameප්‍රධාන මෙහෙයුම් නිලධාරි

nameනිර්මාතෘ සහ අධ්‍යක්ෂ