
සංචාරය පිළිබඳ සාමාන්‍ය තොරතුරු
අපගේ වන්දනාව දින 12 කි, කිසිදු දුම්රිය ගමනක් නොමැත. ඍජු ගුවන් ගමන් සහිතව සංවිධානය කර ඇත දින 12ක් පුරා ඉන්දියාවේ ගත කරමින් කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට මෙම වන්දනාවේදී කටයුතු සලසා ඇත.
1 වන දිනය
කොළඹ - දිල්ලි
මුදල් මාරු කිරීම , සාප්පු සවාරිය හා විවේකය.
2 වන දිනය
දිල්ලි - සංඛස්ස - කාන්පූර්
සංඛස්ස වන්දනා කිරීම.
3 වන දිනය
කාන්පූර් - බරණැස
බරණැස, ඉසිපතනය , මිගදාය වන් දනා කර මූලගන්ධකූට විහාරයේ, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට සවන් දීම හා රාත්‍රී සාප්පු සවාරි
4 වන දිනය
බරණැස - බුද්ධගයා
සේනානිගම, සුජාතා කිරිපිඩු පූජා කළ ස්ථානය , ශ්‍රී මහා බෝධිය වන් දනා කිරීම හා සාප්පු සාවාරි.
5 වන දිනය
බුද්ධගයා
කිරිපිඩු පූජාව - සිල් සමාදන් වීම - සාංඝික දානය හා බෝධි පූජාව සම්පූර්ණ දිනයම ශ්‍රී මහා බෝධිය අසල ගත කිරීම.
6 වන දිනය
බුද්ධගයා - රජගහනුවර - කුෂිනගරය
දුෂ්කරක්‍රියා කළ ලෙන වන් දනා කිරීම , දෙව්දත් ගල පෙරලූ ස්ථානය, ගිජ්ජකූටය බිම්බිසාර රජු සිර කළ ස්ථානය, ගැල් 500 එරුණු ස්ථානය, නාලන්දාව හා විශාලාව නුවර වන්දනා කිරීම.
7 වන දිනය
කුෂිනගරය - ලුම්බිණිය
පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍ය, අන්තිමට පැන් වැළඳූ ස්ථානය හා ලුම්බිණි සල් උයන වන්දනා කිරීම.
8 වන දිනය
ලුම්බිණිය - කපිලවස්තුපුර- සැවත්නුවර
කපිලවස්තුපුර හා සැවත්නුවර වන්දනාව.
9 වන දිනය
සැවත්නුවර
සිල් සමාදන් වීම , සාංඝික දානය, ඡේතවනාරාමය, ගන්ධකුටිය දම්සභා මණ්ඩපය වන්දනා, ආනන්ද බෝධීන් වහන්සේ අභියස බෝධි පූජාව හා ධාතු ප්‍රදර්ශනය. (රෝස මල් පූජාව)
10 වන දිනය
සැවත්නුවර - අග්‍රා
ටජ්මහල් පිටතින් නැරඹීම ( ඇතුල්වීමේ ගාස්තු ගෙවිය යුතුය) හා සාප්පු සවාරි.
11 වන දිනය
අග්‍රා - දිල්ලි
දිල්ලි නගර සිරි නැරඹීම හා දිල්ලි සාප්පු සවාරි.
12 වන දිනය
දිල්ලි - කොළඹ
ශ්‍රී ලංකාවට පැමිණීම.