
සංචාරය පිළිබඳ සාමාන්‍ය තොරතුරු
තෙරුවන් සරණ ගිය සැදැහැවතුන්ට බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින්ම බුදුරජුන් ලොවපහල වූයේ , සම්බුද්ධත්වයට පත්වූයේ, නිර්මල දහම ලොවට හෙලිකලේ, පිරිනිවන්පා වදාළේ මෙතැනයි කියා උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් පහන්සිතින් උපදවාගෙන , අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය මාර්ග උපදේශකයන් යටතේ කෙටි දින ගණනකින් දුම් රියේ ගමන් නොමැතිව සුවපහසුවයි විශ්වාසයයි සමගින් දඹදිව වන්දනා කරන්න ලෝටස් සංචාරකතයෝ සමගින් එක්වන්න
1 වන දිනය
කොළඹ - දිල්ලි
මුදල් මාරු කිරීම , සාප්පු සවාරිය
2 වන දිනය
දිල්ලි - අග්‍රා
දිල්ලි නගර සිරි නැරඹීම හා ටජ්මහල් පිටතින් නැරඹීම (ඇතුල්වීමේ ගාස්තු ගෙවිය යුතුය) හා සාප්පු සවාරි.
3 වන දිනය
සංඛස්ස - සැවත්නුවර
සංඛස්ස වන්දනා කර සැවත්නුවර බලා පිටත්වීම
4 වන දිනය
සැවත්නුවර
සිල් සමාදන් වීම , සාංඝික දානය, ඡේතවනාරාමය, ගන්ධකුටිය දම්සභා මණ්ඩපය වන්දනා, ආනන්ද බෝධීන් වහන්සේ අභියස බෝධි පූජාව හා ධාතු ප්‍රදර්ශනය හා සාප්පු සවාරි.
5 වන දිනය
කපිලවස්තුපුර -ලුම්බිණිය -කුෂිනාරාව
කපිලවස්තුපුර හා ලුම්බිණි සල් උයන වන්දනා කර කුෂිනාරාව බලා පිටත්වීම.
6 වන දිනය
කුෂිනාරාව - විශාලාව - බුද්ධගයාව
>කුෂිනාරාවේදී පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍ය, අන්තිමට පැන් වැළඳූ ස්ථානය වන්දනා කර විශාලාවද වන්දනා කර බුද්ධගයා බලා පිටත්වීම.
7 වන දිනය
බුද්ධගයාව
දුෂ්කර ක්‍රියා කළ ස්ථානය, සුජාතා කිරිපිඩු පූජා කළ ස්ථානය වන්දනාව හා සාප්පු සවාරි.
8 වන දිනය
බුද්ධගයාව
ශ්‍රී මහා බෝධිය කිරිපිඩු පූජාව, සිල් සමාදන් වීම, සාංඝික දානය හා බෝධි පූජාව සම්පූර්ණ දිනයම ශ්‍රී මහා බෝධිය අසල ගත කිරීම.
9 වන දිනය
බුද්ධගයාව
රජගහනුවර, ගජ්ජකූටය, දෙව්දත් ගල පෙරලූ ස්ථානය, බිම්බිසාර රජු සිර කළ ස්ථානය, ගැල් 500 එරුණු ස්ථානය හා නාලන්දාව (ඇතුල්වීමේ ගාස්තු ගෙවිය යුතුය) නරඹා බුද්ධගයාව බලා පිටත්වීම.
10 වන දිනය
බුද්ධගයාව - බරණැස
බරණැස ඉසිපතනයේ මිගදාය වන්දනාව හා සාප්පු සවාරි.
11 වන දිනය
බරණැස - කොළඹ
ශ්‍රී ලංකාවට පැමිණීම.