දින 12

සංචාර විස්තර සඳහා ඔබේ සංචාරය තෝරන්න. සංචාරයේ සියලු විස්තර පැකේජය තුළ ඇතුළත් කර ඇත
*සියලුම ඡායාරූප ගැනීමේදී උපැස් යුවළ පැළඳීමෙන් හා තනි සුදු වස්ත්‍ර ඇඳීමෙන් වළකින්න.
*අයදුම්කරු නොපැමිණෙන්නේ නම් විදේශ ගමන් බලපත්‍ර අයදුම් පතක් අත්සන් කර රැගෙන ආ යුතුය.
ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා සෑදීමට සති 4ක පමණ කාලයක් ගත වන බැවින් ඉක්මණින් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය. එසේ නැතහොත් මේ සඳහා අයදුම්කරු විසින් පෞද්ගලිකව අයදුම්කර ලබා ගත යුතුය.
ලියකියවිලි හා වෙනත් දෑ තැපෑලෙන් එවන විට ලියුම් කවරයේ වම් පස ඉහළින් තමාගේ නම ලියාපදිංචි අංකය හා ලිපිය ඇතුළත දුරකථන අංකය ද ලියා එවිය යුතු අතර ආසනය වෙන්කරවා ගත් පසු වැඩි විස්තර සඳහා ඔබට දී ඇති ලියාපදිංචි අංකයෙන් හා දූර 2822076 / 2818250 පමණක් අමතන්න මේ සඳහා ජංගම දුරකථන අංකය භාවිතා නොකරන්න.
සිල් ඇඳුම් කට්ටලයක් / ඇඳුම් සුලු ප්‍රමාණයක් (ප්‍රධාන විහාරස්ථානවලට යාමේදී අනිවාර්යය සිදු ඇදිය යුතුය. තනි සුදු ඇඳුම් කට්ටල 3ක් පමන සෑහේ./ ශීත දේශගුණයට ඇදීමට ස්වේටරයක් (ජර්සි) /විදුලි පන්දමක් (පෙන්ටෝච් බැටරි) / උණු වතුර බෝතලයක් / කුඩායක් / බත් ඔතන කොළ පිඟානක් කෝප්පයක් කුඩා පිහියක් හා හැන්දක් (පිහිය අත්බෑගයේ ගෙන යාමට නොදෙන බැවින් ලෝටස් බෑගය තුළ පමණක් දමන්න. / තමාට පුරුදු බෙහෙත් ද්‍රවය / කැමරාවක් ( අවශ්‍ය නම් පමණි).
පූජා භාණ්ඩ සුලු ප්‍රමාණයක් / ඉබි යතුරක් / රෙදි සෝදා වනා ගැනීමට අවශ්‍ය නයිලෝන් නූල් හා රෙදි වැලේ රැඳවීමට ක්ලිප්ස් / මුඛ ආවරණයක්. (Mask)
උදේ දහවල් රාත්‍රී ආහාර හා තේ සපයන අතර ඊට අමතරව තම තමාට අවශ්‍ය යැයි හැගෙන ආහාර රස කැවිලි කට්ට සම්බල් සීනි සම්බල් ගෙන ආ හැකිය. ගමන් මලු කුඩා වූ තරමට ගමන පහසුය. අප විසින් සපයන පිරිසිඳු ජලය පමණක් පානය කිරීම පළතුරු ආදිය සෝදා ආහාරයට ගැනීම අපිරිසිඳු ආහාර ගැනීමෙන් වැළකීම ආදියෙන් තම සෞඛ්‍යය රැක ගැනීමට උනන්දු වීම මුලු කණ් ඩායමේම යහපතට හේතු වන බව කරුණාවෙන් සලකන්න.
*පොල්තෙල් ගෙන යාමෙන් වලකින්න
බුද්ධගයාව හා ඡේතවනාරාමය යන පන්සල්වලට සාංඝික දාන පිරිනැමේ. (පන්සල් දෙකේම හාමුදුරුවන් 35 නමක් පමණ.) ඒ සඳහා පහත සදහන් ද්‍රව්‍ය කැමතිනම් පමණක් කැමති ප්‍රමාණයක් සපයා මෙම දානමය කටයුතු වලට සහභාගි විය හැකිය. ගල් වැලි ඉවත් කරන ලද රතු කැකුලු සහල් පොල්කිරි පැකට් කජු ලූණු හෝ දානයට සුදුසු යැයි හැගෙන ඕනෑම දෙයක්. (අටපිරිකර පූජා කිරීමට අවශ්‍ය නම් එය ඉන්දියාව තුලදී ඉන්දියානු රු 200-250 වැනි මුදලකට මිලදී ගත හැකිය.) අප වන්දනා කිරීමට යන පන්සල් වලට පූජා කිරීමට කැමති ආකාරයට පූජා භාණ් ඩ ගෙන ආහැකි අතර ඉන්දියානු මුදලින් ද ආධාර කල හැක. එය වඩාත් සුදුසුය. සිවුරු පිරිකර බුද්ධයාවේ ශ්‍රී මහා බෝධියට ඡේතවනාරාමයේ ආනඳ බෝධියට හා කුෂිනා නුවර පිරිනිවන් මංචකයට පූජා කළ හැක. ඒ සඳහා සිවුරු පිරිකර ලංකාවෙන් ගෙන යා යුතුය.